Get PayPal

Sign up for PayPal and start accepting credit card payments instantly.

Saturday, January 12, 2013

Lankawe Kunu Kanda



http://www.divaina.com/2013/01/13/feature01.html
Divaina feature

රටේ කුණු එකතු කිරීමේ රාජකාරියට අව් වැසි බලපෑමක්‌ නැත. දවස්‌ 365 හේම කුණු එකතු කිරීම නගර සභාවේ අනිවාර්ය රාජකාරියක්‌ ද වේ. ලංකාවේ වෙනත් නගර සභාවලට කෙසේ වෙතත් කොළඹ නගර සභාවට මෙය ඉතා භාරදූර කර්තව්‍යයකි. මන්ද, කොළඹ නගරයේ දිනකට එකතු වන කුණු ප්‍රමාණය විශාල බැවිනි. එහෙයින්ම දිනපතා කොළඹ අවට කුණු එකතු කිරීම සඳහා කොළඹ නගර සභාව විසින් පෞද්ගලික අංශය ද සම්බන්ධ කර ගනිමින් එම වගකීමෙන් 70% ක කොටසක්‌ පෞද්ගලික අංශයට පවරා ඇත.

පෞද්ගලික සමාගම් දෙකක්‌ ඇතුළුව කුණු ලොරි 97 ක්‌, කුණු ට්‍රැක්‌ටර් 21 සහ සේවක සේවිකාවන් 1600 ක්‌ පමණ කොළඹ නගර සභාව දිනපතා කුණු එකතු කිරීමේ රාජකාරියට යොදවා ඇත. 

කොළඹ නගර සභාව කුණු එකතු කිරීමේ යොදවා ඇති බොහෝ වාහන මීට වසර විස්‌සකට පෙරදී කොළඹ නගර සභාවට ජෙයිකා ආයතනය විසින් 'පිනට දුන්' වාහනය. දැන් ඒ ලොරි රථ මෙන්ම ට්‍රැක්‌ටර් රථ ද කුණුවලටම ක්‍ෂය වී ගොස්‌ රෝගී තත්ත්වයට පත්ව ඇත. එමෙන්ම කොළඹ නගර සභාවේ පවිත්‍ර සේවයෙන් විශ්‍රාම යන සේවක සේවිකාවන් වෙනුවට නැවත ස්‌ථිරවම සේවක සේවිකාවන් බඳවාගැනීමක්‌ සිදු කර නැත. බඳවාගෙන සිටින සේවක සේවිකාවන් ද තවමත් සිටින්නේ කොන්ත්‍රාත් පදනම මතය. මෙවැනි හේතු නිසා කොළඹ නගර සභාවේ සමස්‌ත ඝන අපද්‍රව්‍ය අංශයම දැඩි අර්බුදකාරී තත්ත්වයට පත් වෙමින් තිබේ. අර්බුද ගැන කතා කළොත් නිමක්‌ නැත. දැන් අපි නගර සභාවේ කුණු එකතු කරන මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරමු.

No comments:

Post a Comment